Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2019 20:30:27 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට එතුමන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයේ දී හමුදා ගෞරවාචාරය

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලබන ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇගයුමට ලක් කරමින් ඉකුත් සුඳුදා (25) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, ඉංජිනේරු බලකා මූලස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා සරඹ භූමිය වෙත ආරාධනා කරන ලදී.

පසුව පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර අවසන් වරට යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් සිය ධුර කාලය තුළ තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව දිනයේ වැඩසටහන නිමාවට පත්විය.

මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1985 අගෝස්තු මස 05 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ එතුමන්ගේ වසර 34 කට වැඩි නිකැලැල් සේවා කාලය තුළ මාන්නාරම ප්‍රදේශීය මූලස්ථානයේ ආඥාපති, 11,54,56 සහ 68 යන සේනාංකයන්හී සේනාංකාධිපති මෙන්ම ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වැනි වැදගත් තනතුරු රැසක් හොබවා ඇත. Running sneakers | Men’s shoes