2018-09-18 18:51:58
කිලිනොච්චි රෝහලේ පිහිටා ඇති පළාත් රුධිර මධ්‍යස්ථානයේ බළධාරීන් විසින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව කිලිනොච්චි රෝහල් කාර්යමණ්ඩල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉරිදා (16) දින එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-09-18 18:46:20
ශාරීරික ශක්තිය, ඉවසීම, දරාගැනීම සහ අත්ම විශ්වාසය වැඩිදියුණු කරමින් පැරණි ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රරවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ පුහුණු සැසියක් පවත්වනු ලැබීය.
2018-09-18 18:45:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 25 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඩෙංගු උවදුර ව්‍යාප්තවීම මැඩපැවැත්වීමේ අරමුණින් පූවරසු ප්‍රාථමික විද්‍යාලය, පූවාසරසන්කුලම් රජයේ රෝහල් පරිශ්‍රය සහ ළමා උද්‍යානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉරිදා (16) ) දින දියත් කරනු ලැබීය.
2018-09-18 18:31:56
ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ සංකල්පයට අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් අතුරින් නිවේදන ශිල්පයෙහි දක්ෂතමයා තෝරා ගැනීමේ ‘නිවේදන තරු - 2018’ තරඟාවලියේ අවසන් අදියර ඉරිදා (16) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.
2018-09-17 16:32:09
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා වැඩසටහන ඉරිදා (16) දින දඩැල්ල වෙරළ තීරයේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති.....
2018-09-16 14:27:48
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්ෂණය යටතේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ‘යුද්ධ හමුදා නායකත්ව’ පුහුණු වැඩමුළුවක් සංවිධානය.....
2018-09-16 14:10:42
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකුලව හමුදා සම්මාන ආචාරය පිදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (13) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2018-09-16 14:00:41
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ එක් අදියරක් ලෙස ‘නිරෝගිමත් පරිසර හිතකාමී අවිහිංසාවාදි සාධාරණ සමාජයක්’ යන තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ දේශනයක් ඉරිදා (16) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-09-16 13:50:41
බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ බ්‍රහස්පතින්දා (13) දින පැවැති ලේ පරිත්‍යාග වැඩසටහනේ දී මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
2018-09-16 13:14:49
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ ගේ මඟපෙන්වීම මත එම බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වඩ්ඩකච්චි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සිකුරාදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.