Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2018 18:46:20 Hours

‘අංගම්පොර’ ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

ශාරීරික ශක්තිය, ඉවසීම, දරාගැනීම සහ අත්ම විශ්වාසය වැඩිදියුණු කරමින් පැරණි ආත්මාරක්‍ෂක සටන් ක්‍රම ප්‍රරවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආ‍ඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ පුහුණු සැසියක් පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුව විසින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ අධීක්‍ෂණය යටතේ මාසික අංගම්පොර පුහුණු පාඨමාලාවක් අරම්භ කරනු ලැබීය. මෙම පාඨමාලාවේ සමාරම්භක උත්සවය නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැති අතර සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරි රැසක් සහභාගි වූහ.

රිටිගල සින්හාකාර පරපුරේ කාලාකීර්ති කාලාවිභූෂන දේවින්ද ලක්සිරි රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම වැඩසටහන පවත්වනු ලැබීය. මෙම පුහුණු වැඩමුළුව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගි විය. Sports brands | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify