Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2018 18:45:56 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා 25 වන ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින්ගේ සහය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 25 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඩෙංගු උවදුර ව්‍යාප්තවීම මැඩපැවැත්වීමේ අරමුණින් පූවරසු ප්‍රාථමික විද්‍යාලය, පූවාසරසන්කුලම් රජයේ රෝහල් පරිශ්‍රය සහ ළමා උද්‍යානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉරිදා (16) ) දින දියත් කරනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩී.සී.ජි.ජේ. තිලකරත්න ගේ අධීක්‍ෂණය යටතේ පැවැති මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 25 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණය සහ මඟපෙන්වීම මත දියත් කරනු ලැබීය.

පුවරසාන්කුලම් රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය තිරුවාකරන්, පුවරසානකුලම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ සිවිල් වැසියන්, සිසුන් සහ දෙමාපියන් රැසක් 61 වන සේනාංකයේ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. latest jordan Sneakers | Air Jordan