Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2018 18:51:58 Hours

රෝහල් බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චි රෝහලේ පිහිටා ඇති පළාත් රුධිර මධ්‍යස්ථානයේ බළධාරීන් විසින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව කිලිනොච්චි රෝහල් කාර්යමණ්ඩල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉරිදා (16) දින එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එච්.එම්.ඩී.ආර්.බී. හින්දගොඩ ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. කිලිනොච්චි ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාංක සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු මෙහිදි රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුරදී ප්‍රදේශවාසින් කිහිපදෙනෙකු ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරනු ලැබීය. Nike shoes | Nike Shoes