Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2018 18:31:56 Hours

‘නිවේදන තරු - 2018’ දක්ෂයන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ සංකල්පයට අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් අතුරින් නිවේදන ශිල්පයෙහි දක්‍ෂතමයා තෝරා ගැනීමේ ‘නිවේදන තරු - 2018’ තරඟාවලියේ අවසන් අදියර ඉරිදා (16) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.

නිවේදන ශිල්පයේ ප්‍රවීණයන් වන තිළිණි අතුකෝරළ මහත්මිය සහ චිත්‍රාකුමාරි පත්තප්පෙරුම යන මහත්මීන් දෙපළ විසින් යුද්ධ හමුදා සාමාජිකයන් 300 දෙනෙකු නිවේදන ශිල්පය පිළිබඳ පුහුණු කරනු ලැබීය.

බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස්, නිල්මිණි සිගේරා මහත්මිය, චමින්ද ගුණරත්න මහත්මා සහ ධනංජය නානායක්කාර මහත්මා යන කීර්තිමත් වෘත්තීමය ප්‍රවීණයන් 4 දෙනෙකු සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් නිවේදන ශිල්පීන් අතුරින් අවසන් අදියර සඳහා 6 දෙනෙකු තෝරා ගනු ලැබීය.

අවසන් වටයේදී, සිංහ රෙජිමේන්තුවේ සැරයන් පී.ඊ.එස් හරිස්චන්ද්‍ර මහතා විසින් ‘නිවේදන තරු - 2018’ ලෙස කිරුළු පැළඳූ අතර අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා 7 වන කාන්තා බලකායේ කෝප්‍රල් යු.ආර්.ඩී.ඩී.එස්.ඩී වික්‍රමසිංහ හිමිකර ගත්හ. 4 වන පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.එච්.වයි. පීරිස් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, 5 වන සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එන්.ඩබ්ලිව්.වී දර්ශන, 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කෝප්‍රල් ආර්. ජයතුංග සහ 7 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එල්.ඩී.ටී. වරලගම යන යුද්ධ හමුදා සාමාජිකයින් පිළිවෙළින් 4,5 සහ 6 යන ස්ථාන හිමිකර ගත් අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ සුරතින් සහ සහ අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් ඔවුනට සහතිකපත් සහ ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.affiliate tracking url | Nike Air Max 270