2019-04-16 20:39:59
මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් (කැන්ටර්) වේගය පාළනය කර ගත නොහැකිව සිදුවී ඇති රිය අනතුරකින් අද අඟහරුවාදා (16) දින 5.30 පමණ වටප්පලෙයි, මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මරණයට පත්කර තවත් එක් යුද්ධ හමුදා සෙබලෙකු හට තුවාල සිදු කර ඇත.
2019-04-16 18:39:59
ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය මීට දින කීපයකට ප්‍රථම බෝවන මත්ස්‍ය පැටවුන් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාවට නැංවිණි.
2019-04-16 15:39:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවේ 25 වන සංවත්සරයට සමගාමීව දින 10 ක ‘රණකාමීන්ගේ පාගමන’ 2019 මැයි 03 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පාගම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 400 කට අධික පිරිසක් සහභාගිවන අතර පාගමන නිකවැව ප්‍රදේශයෙන් ආරම්භ කර කොළඹ 7, නිදහස් චතුරස්‍රය අසලින් 2019 මැයි මස 12 වන දින අවසන් කිරීමට නියමිතය.
2019-04-13 13:42:45
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් සංවිධානය කල වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය පසුගිය බදාදා (10) දින ඔඩ්ඩුසුඩාන් පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩිදියුණු කිරීමේ...
2019-04-13 10:41:59
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ පසුගිය සිකුරාදා (12) දින දියතලාව යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සිය ධූරයේ රාජකාරි භාරගත්හ.
2019-04-13 09:42:22
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින නව අවුරුදු උදාවත් සමඟ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් සහ අමරපුර නිකායේ මහානායක හිමියන් හමුවී සම්ප්‍රදායානුකූල චාරිත්‍රයක් ලෙස ආශිර්වාද ලබාගත්හ.
2019-04-13 08:42:22
යුද්ධ හමුදාව සහ සිවිල් සමාජය අතර පවත්නා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගිය අඟහරුවාදා (09) දින කාත්තන්කුඩි ප්‍රදේශයේ මූස්ලිම් ආගමික ප්‍රජාව සමඟ සුහද සාකච්ඡාවක් කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී පැවැත්විය.
2019-04-13 08:38:19
පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමෙන් අනතුරුව 23 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සාම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරීනමන ලදී.
2019-04-11 18:15:27
අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ එම රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකල උසස් තත්ත්වයේ ‘King Keterian’ නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (11) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී....
2019-04-11 14:44:55
ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබු විවෘත රයිෆල් සහ පිස්තෝල වෙඩිතැබීම් තරඟාවලිය - 2019 පසුගිය අප්‍රේල් මස 3 සිට 8 දින දක්වා වැලිසර, ගැමුණු ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කුඩා සිදුරු වෙඩිපිටියේ දී පැවැත්වූ අතර එහිදි, සන්නද්ධ හමුදාවන්, පොලිසිය, දිවයින පුරා රජයේ සහ පෞද්ගලික පාසල් සහ අන්තර් ක්‍රීඩා සමාජ අභිබවා යමින් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් සහ පිස්තෝල වෙඩික්කරුවන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.