Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2019 14:44:55 Hours

රයිෆල් සහ පිස්තෝල වෙඩිතැබීම් තරඟාවලියේ දී යුද්ධ හමුදා වෙඩික්කරුවන් නව ජාතික වාර්තාවන් රැසක් පිහිටුවයි

ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබු විවෘත රයිෆල් සහ පිස්තෝල වෙඩිතැබීම් තරඟාවලිය - 2019 පසුගිය අප්‍රේල් මස 3 සිට 8 දින දක්වා වැලිසර, ගැමුණු ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කුඩා සිදුරු වෙඩිපිටියේ දී පැවැත්වූ අතර එහිදි, සන්නද්ධ හමුදාවන්, පොලිසිය, දිවයින පුරා රජයේ සහ පෞද්ගලික පාසල් සහ අන්තර් ක්‍රීඩා සමාජ අභිබවා යමින් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් සහ පිස්තෝල වෙඩික්කරුවන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.

මෙම තරඟාවලිය සඳහා වෙඩිතැබීමේ කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල මුලසුන හොබවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් වෙඩික්කරුවන් 22 ක් සහභාගි වූහ. තවද, ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබු විවෘත රයිෆල් සහ පිස්තෝල වෙඩිතැබීම් තරඟාවලියේ වායු පිස්තෝල සහ වායු රයිෆල් අංශයන් යටතේ යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, දිවයින පුරා රජයේ සහ පෞද්ගලික පාසල් සහ සිවිල් රයිෆල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මෙවර වෙඩික්කරුවන් 186 ක් සහභාගි වූහ.

නව ජාතික වාර්තාවන් තුනක් සමගින් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කුඩා සිදුරු වෙඩික්කරුවන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය. රන් පදක්කමක්, රිදී පදක්කමක් 3 ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගත් නාවික හමුදා වෙඩික්කරුවන්ට තරඟාවලියේ දෙවන ස්ථානය හිමිවූ අතර ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගත් ගුවන් හමුදා වෙඩික්කරුවන්ට තරඟාවලියේ තෙවන ස්ථානය හිමිවිය.

තරඟාවලියේ අවසන් තරඟ නැරඹීම සඳහා බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල, ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමයේ නියෝජිතයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ වෙඩිතැබීමේ තරඟ නරඹන්නන් විශාල පිරිසක් සහභාගි වූ අතර තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් විසින් සම්මාන පිරිනැමීය.

තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ;

වායු රයිෆල් - පිරිමි (ඒකල)

පළමු ස්ථානය කපිතන් පි.කේ.ජේ.එස්. ගයංග

දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ජේ.ආර්. හේමචන්ද්‍ර

තෙවන ස්ථානය බළලත් නිලධාරී I එස්.එම්.එම්. සමරකෝන්

වායු රයිෆල් පිරිමි (කණ්ඩායම්)

ප්‍රථම ස්ථානය

කපිතන් පි.කේ.ජේ.එස්. ගයංග

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ජේ.ආර්. හේමචන්ද්‍ර

බළලත් නිලධාරී I එස්.එම්.එම්. සමරකෝන්

දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩි.එම්.සී.කේ. දිසානායක

සාමාන්‍ය සෙබළ එස්.එම්.යූ. සමරකෝන්

සාමාන්‍ය සෙබළ ඒ.එම්.කේ.එස්. අබේකෝන්

වායු පිස්තෝල - පිරිමි (ඒකල)

දෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ජේ.ඩි. චන්ද්‍රරත්න

තෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ඊ.එච්.ආර්.එම්. සංජිව

වායු පිස්තෝල - පිරිමි (කණ්ඩායම්)

පළමු ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. ඉදුනිල්

සාමාන්‍ය සෙබළ ජේ.ඩි. චන්ද්‍රරත්න

සාමාන්‍ය සෙබළ ඊ.එච්.ආර්.එම්. සංජිව

දෙවන ස්ථානය

කෝප්‍රල් එස්.අයි. විතානආරච්චි

ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්.ජේ.යූ.කේ. විජේරත්න

ලාන්ස් කෝප්‍රල් එච්.ඊ.පී. ජයශාන්ත

වායු පිස්තෝල - කාන්තා (ඒකල)

පළමු ස්ථානය කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරක්කොඩි

දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

වායු පිස්තෝල - කාන්තා (කණ්ඩායම්) - ජාතික වාර්තාවක්

පළමු ස්ථානය

කෝප්‍රල් ජි.ජි.කේ.එන්.කේ. අබේරත්න

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරක්කොඩි

ලාන්ස් කෝප්‍රල් ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

වායු රයිෆල් - කාන්තා (ඒකල)

පළමු ස්ථානය කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ජේ. මදුශානී

වායු රයිෆල් - කාන්තා (කණ්ඩායම්)

දෙවන ස්ථානය

කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ජේ. මදුෂානී

ලාන්ස් කෝප්‍රල් කේ.ජි.පී. රත්නායක

සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.කේ.එම්. නවරත්න

වායු පිස්තෝල (මිශ්‍ර) ජාතික වාර්තාවක්

පළමු ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

සාමාන්‍ය සෙබළ ඊ.එච්.ආර්.එම්. සංජිව

වායු රයිෆල් (මිශ්‍ර) ජාතික වාර්තාවක්

පළමු ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ජේ.ආර්. හේමචන්ද්‍ර

සාමාන්‍ය සෙබළ බී.එන්.එච්. බේරුවල Nike shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov