Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2019 08:42:22 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපතිතුමන් මූස්ලිම් ආගමික නියෝජිතයින් හමුවේ

යුද්ධ හමුදාව සහ සිවිල් සමාජය අතර පවත්නා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගිය අඟහරුවාදා (09) දින කාත්තන්කුඩි ප්‍රදේශයේ මූස්ලිම් ආගමික ප්‍රජාව සමඟ සුහද සාකච්ඡාවක් කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව අතරතුරදී, නැගෙනහිර පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු, නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ පුළුල් ලෙස පැතිර යන මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම ආදී පොදු අභියෝගයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් තරුණ පරපුර ආරක්‍ෂා කිරීමට කඩිනමින් ගත යුතු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහභාගිවූ සියලුමදෙනා අවධාරණය කළහ.

තවද මෙම සුහද සාකච්ඡාවේ දී, යුද හමුදාව සහ සිවිල් සමාජය සමාජයේ ඇතිවන අභියෝගයන්ට මුහුණදීම සඳහා ඵලදායී සන්නිවේදනයක් අවශ්‍ය බව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් අවධාරණය කළහ. ආඥාපතිතුමන්ගේ අදහස්වලට ප්‍රතිචාර වශයෙන්, මුස්ලිම් ආගමික ප්‍රජාව මේ සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බවටත් මෙවැනි සුහද සාකච්ඡා සංවිධානය කිරීම වෙනුවෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ටත් සිය කෘතඥතාව පුද කළහ.

මෙම සුහද හමුව සඳහා කාත්තන්කුඩි Jamiatul Ulama හී සභාපති මවුලවී එම්.අයි. ආදම් ලෙබේ (Maulavi M.I Adam Lebbe) ඇතුළු මූස්ලිම් සාමාජිකයින්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Running sport media | Nike Shoes