16th April 2019 18:39:59 Hours
ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය මීට දින කීපයකට ප්‍රථම බෝවන මත්ස්‍ය පැටවුන් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරීමට පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාවට නැංවිණි. මෙම අදියරේ දී 50,000 ක ප්‍රමාණයක මත්ස්‍ය පැටවුන් තොගයක් ඉරණමඩු ජලාශය ආසන්නයේ පැවති සරල උත්සවයකදී ජලයට මුදා හරින ලදී.
මෙම අවස්ථාව සඳහා 573 බසේමු බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ස්ථානාධිපති එස්.එම්.එම්.පී. සමරකෝන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධීවරයින් පිරිසක් සහභාගි වූහ. trace affiliate link | Autres