Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2019 09:42:22 Hours

මහනුවර මල්වතු, අස්ගිරි සහ අමරපුර මහානායක හිමිවරුන් හමුවී යුද්ධ හමුදාවට ආශිර්වාද ලබාගනි

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින නව අවුරුදු උදාවත් සමඟ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් සහ අමරපුර නිකායේ මහානායක හිමියන් හමුවී සම්ප්‍රදායානුකූල චාරිත්‍රයක් ලෙස ආශිර්වාද ලබාගත්හ.

මල්වතු පාර්ශවයේ අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන් හා අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමියන් සහ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක හිමියන් හමුවී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවූඩයේ පිටපතක් පිළිගන්වා යුද්ධ හමුදාවේ ඉදිරිගමනට ආශිර්වාද ලබාගත්හ. Sports brands | FASHION NEWS