Header

Sri Lanka Army

Defender of the Nation

16th April 2019 20:39:59 Hours

වේගය පාලනය කර ගත නොහැකිව පැමිණි ලොරි රථයක ගැටි වටප්පලෙයි ප්‍රදේශයේ රාජකාරියේ නියුතුව සිටි රණවිරුවෙකු මරණයට

මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් (කැන්ටර්) වේගය පාළනය කර ගත නොහැකිව සිදුවී ඇති රිය අනතුරකින් අද අඟහරුවාදා (16) දින 5.30 පමණ වටප්පලෙයි, මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මරණයට පත්කර තවත් එක් යුද්ධ හමුදා සෙබලෙකු හට තුවාල සිදු කර ඇත.

පොලිස් පරීක්ෂණවලට අනුව සඳහන් කර ඇත්තේ මෙම රථය අධික වේගයෙන් පැමිණිම හේතුවෙන් වේගය පාලනය කර ගැනිමට නොහැකිව අනතුර සිදුවී ඇති බවයි.

මෙම රිය අනතුරෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 6 වන පොලිස් හේවා බලකායට අනුයුක්තව රාජකාරීයේ නිරතව සිටි සාමාන්‍ය සෙබළ එච්.පී.එස්. පතිරණ මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්වී ඇත.

එම අනතුරෙන් තුවාල ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 6 වන පොලිස් හේවා බලකායට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි මාණ්ඩලික සැරයන් එස්.ඩී.ආර් දිසානායක මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මේ වන විට මුල්ලියාවේලි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. Running sport media | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ