Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2019 08:38:19 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ උණුසුම් අයුරින් පිළිගනි

පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමෙන් අනතුරුව 23 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සාම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරීනමන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු සේනාකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරය පිරීනැමීමෙන් අනතුරුව වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව, සියලුම නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනීසිටි එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. තවද, මෙම අවස්ථාවට සමගාමීව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය. latest Nike release | Nike