2024-09-13 18:03:30
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 144,141 පාබල බලසේනා සහ 2,8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත විය.
2024-09-12 12:10:40
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ආරාධනයෙන් ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම විශ්වවිද්‍යාල දේශන ශාලාවේදී කළමනාකරණයේ ගතිවිද්‍යාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2024 සැප්තැම්බර් මස 11 දින පවත්වන ලදී.
2024-09-12 12:03:54
තායිලන්තයේදී පැවැතී 37 වන ලෝක ශූරතා සෙපැ ටැක්රෝ තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික සෙපැ ටැක්රෝ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගී වු අතර , මෙම තරඟාවලියේදී කාණ්ඩ අටක් යටතේ තරඟ වැදී ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුහ. ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 දින සිට 08 වන දින දක්වා තායිලන්තයේදි පැවැතී සෙපැ ටැක්රෝ තරඟාවලිය කීර්තිමත් තායි කිංග්ස් කුසලානයේ එක් අංගයක් වන අතර, එය සෙපැ ටැක්රෝ දින දර්ශනයේ කැපී පෙනෙන තරඟ ඉසව්වකි.
2024-09-11 15:30:35
52 පාබල සේනාංකයේ 29 වන සංවත්සරය දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 09 දින සමරනු ලැබීය.
2024-09-11 15:29:46
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ නිලධාරි නිවස්නය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ කෙටි උත්සවයක් 2024 සැප්තැම්බර් මස 09 දින පවත්වන ලදී.
2024-09-11 15:29:19
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සි.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සඳහා 2024 අගෝස්තු මස 28 දින සිට 2024 අගෝස්තු මස 30 දිනදක්වා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.
2024-09-10 22:04:56
වසර 34කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමුදීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
2024-09-10 21:59:17
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරල් එස්.ඒ.එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම දිවියට එලඹිම නිමිත්තෙන් 2024 සැප්තැම්බර් මස 08 දින සමුදීමේ උත්සවයක් එම බලකාය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්එම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද සහභාගී විය.
2024-09-10 21:57:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, පලමු නිළ සංචාරය ලෙස දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ ජයරත්න කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආරාධනයෙන් සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2024 සැප්තැම්බර් මස 03 වන දින සහභාගී විය.
2024-09-10 21:55:48
'ශ්‍රී ලංකා හොඳම සේවා යෝජක සන්නාම සම්මාන සහ ශ්‍රී ලංකා නායකත්ව සම්මාන 2024' උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හි පැවති අතර, එහිදී ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 'ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය 2024' (Lifetime Achievement Award 2024) සම්මානයෙන් 2024 සැප්තැම්බර් 05 දින පිදුම් ලබීය.