11th September 2024 15:29:19 Hours
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සි.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සඳහා 2024 අගෝස්තු මස 28 දින සිට 2024 අගෝස්තු මස 30 දිනදක්වා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.
මෙම විනෝද චාරිකාව සඳහා සේරුවිල පන්සල, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කෞතුකාගාරය, ඕර්ස් හිල් හමුදා කෞතුකාගාරය සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ බෝට්ටු සවාරියක්ද ඇතුළත් විය. චාරිකාව අවසානයේ වූවන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකින් සංවිධානයකර තිබුනි.