Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2024 21:59:17 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ඒ.එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ගෞරවාචාර

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක ජනරාල් මේජර් ජෙනරල් එස්.ඒ.එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම දිවියට එලඹිම නිමිත්තෙන් 2024 සැප්තැම්බර් මස 08 දින සමුදීමේ උත්සවයක් එම බලකාය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්එම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද සහභාගී විය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක ජනරාල් මේජර් ජෙනරල් එස්.ඒ.එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ව එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී.ඒ.සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගණු ලැබීය. අනතුරුව, එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී.

එතුමන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් හමුවීමෙන් අනතුරුව, නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට එක්විය.

අනතුරුව, එදින සනද්‍යාවේ නිළධාරී නිවස්නයේදී එතුමන් වෙනුවෙන් සාම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විය. එම අවස්ථාවෙහිදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කළ සේවය අගයන ලදී.

බලකාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්වෙත සමරු ඵලකයක් පිරිනැමීමෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් විය.

මෙම සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භර්යාවන් සහභාගී වූහ.