Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2024 18:03:30 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර තම බලසේනා සහ බලඇණි වල නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 144,141 පාබල බලසේනා සහ 2,8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත විය.

බලසේනාවේ සහ බලඇණිවලට සපැමිණි ආඥාපතිතුමන් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යෑමේ ගෞරවාචාරය පුදකළේය.

මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් සෑම කඳවුරු පරිශ්‍රයකම පැළයක් රෝපණය කළ අතර, භට පිරිස් සමඟින් එතුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රදේශයේ වගකීම්, කාර්යභාරය සහ වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සපයන ලදී.

දැනුවත් කිරීම් වලින් අනතුරුව, ආඥාපතිතුමන් භට පිරිස් ඇමතීය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් සියලු නිළ තේ පැන් එතුමන් සංග්‍රහයට එක් විය. නිල සංචාරය අවසන්කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේහි සමරු සටහනක් තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.