2024-09-17 16:06:25
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම හා උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය වෙතින් 2024 සැප්තැම්බර් මස 10 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-09-17 13:15:07
12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සඳහා පවත්වනු ලැබූ ‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 15 දින නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
2024-09-17 13:11:29
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 9 සිට 11 දින දක්වා කාලය තුළ විශේෂ බලකා බලසේනාව, 3 සහ 2 කමාන්ඩෝ රෙජිමේන්තුව, 581 පාබල බලසේනාව සහ 5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-09-17 13:10:11
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයේ දී 2024 අගෝස්තු මස 02 දින සිට සැප්තැම්බර් මස 09 දින දක්වා පැවති ‘මූලික පිහිනුම් පාඨමාලාව අංක - 21’, 2024 සැප්තැම්බර් මස 09 දින සාර්ථකව අවසන් විය.
2024-09-17 12:11:04
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 09 දින මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙත පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 541 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-09-17 12:08:28
දැනට ක්‍රියාත්මක වන “නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්” වැඩසටහනේ තවත් එක් කොටසක් වශයෙන් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 11 දින ඉතාමත් වැදගත් සෞඛ්‍ය දේශනයන් පැවැත්විණි.
2024-09-17 12:06:04
ධූරයෙන් නික්ම යන 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 11 දින එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණි.
2024-09-17 11:59:27
5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් මන්නාරම තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 34 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 11 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-09-16 20:21:30
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2024 සැප්තැම්බර් මස 14 දින පැවැත්විණි.
2024-09-16 20:19:25
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනය 2024 සැප්තැම්බර් මස 10 දින එම බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.