Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2024 13:10:11 Hours

‘මූලික පිහිනුම් පාඨමාලා අංක 21’ සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයේ දී 2024 අගෝස්තු මස 02 දින සිට සැප්තැම්බර් මස 09 දින දක්වා පැවති ‘මූලික පිහිනුම් පාඨමාලාව අංක - 21’, 2024 සැප්තැම්බර් මස 09 දින සාර්ථකව අවසන් විය.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකකයන්හි සෙසුනිලයන් 36 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ සමාප්ති උත්සව අවස්ථාවේදී මෙම පාඨමාලාවට සහභාගීවූවන්ගේ ජයග්‍රහණයන් අගයමින් සහතිකපත් ප්‍රදානය කෙරිණි.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී සහභාගි වූ අතර, එහිදී එතුමන් පාඨමාලාවට සහභාගී වූවන්ගේ කැපවීම වෙනුවෙන් සිය සුබපැතුම් එක්කරන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙ/166924 තුවක්කු සෙබළ ඩී.ජී.එම්.එස්. ආරියවංශ විසින් හිමිකර ගනු ලැබීය.

මෙම පාඨමාලාවේ විශේෂත්වය වූයේ පාඨමාලාව සඳහා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට Water Safety and CPR (Cardio-Pulmonary Resuscitation) පිළිබඳ පුහුණුව හඳුන්වාදීමයි. පාඨමාලාවට සහභාගිවූවන් ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ විශේෂ සහතික ලබාගත් අතර, මෙම අවස්ථාව ඔවුන්ගේ පාඨමාලා පුහුණුවේ වැදගත් සන්ධිස්ථානයක් එක් කළහ.