17th September 2024 11:59:27 Hours
5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් මන්නාරම තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 34 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 11 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
කැනඩාවේ, වැන්කුවර් බ්‍රිටිෂ් කොලොන්බියා ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංසදයේ මංජුල හේරත් මහතා සහ එම සංසදයේ සාමාජිකයන් විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් 300,000.00 ක මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබාදෙන ලදී.
5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අවට පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.