Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2024 20:19:25 Hours

541 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනය 2024 සැප්තැම්බර් මස 10 දින එම බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් සංවත්සර දිනයේදී බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සුරතින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනීසිටියේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහඳ හමුවක් පැවැත්වීමෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

සංවත්සර උත්සවයට සමගාමීව, එම බලසේනාව වෙතින් ආගමික වැඩසටහන් මාලාවක්, පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද මන්/කල්ලියඩ්ඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී. ඊට අමතරව, සුහඳ ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.