17th September 2024 12:08:28 Hours
දැනට ක්‍රියාත්මක වන “නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්” වැඩසටහනේ තවත් එක් කොටසක් වශයෙන් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 11 දින ඉතාමත් වැදගත් සෞඛ්‍ය දේශනයන් පැවැත්විණි.
යුද්ධ හමුදා රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී විසින් එහිදී දියවැඩියාව, අංශභාගය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳව අවධානය යොමු කරමින් “ඔබ ප්‍රමාද නැත” තේමාව ඔස්සේ දේශනයක් පවත්වන ලදී.
එමෙන්ම, බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී සහ මේජර් පී.ඒ.සී.පී.කේ. පේදුරුආරච්චි විසින් “හානිකර පුරුදු වළක්වාගැනීම සහ ආතතිය කළමනාකරණය කිරීම” පිළිබඳ මඟපෙන්වීමක් ලබාදුන්හ. සිය දේශනයන් මඟින් මනා සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමට, ආතතිය කළමනාකරණය කිරීමට සහ සෞඛ්‍යයට අහිතකර චර්යාවන්ගෙන් වැළකී සිටීමට ප්‍රායෝගික උපායමාර්ගයන් ලබාදුන් අතර, සහභාගී වූ සියලුම දෙනාගේ යහපැවැත්මට තවදුරටත් සහය විය.