17th September 2024 16:06:25 Hours
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම හා උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙතින් 2024 සැප්තැම්බර් මස 10 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ අක්කරපත්තුව, සින්නමුහත්තුවරම් වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා නිලධාරින් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 25 දෙනෙකු සහභාගී වූහ. ඒ අනුව වෙරළ තීරයේ මීටර් 1500 ක් පිරිසිදු කරනු ලැබූ අතර, ඒ සඳහා කල්මුණේ නාවික හමුදා කඳවුරේ භටපිරිස් 26 දෙනෙක් සහ සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරින් 19 දෙනෙකු ද සිය දායකත්වය ලබාදුන්හ.