16th September 2024 20:21:30 Hours
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2024 සැප්තැම්බර් මස 14 දින පැවැත්විණි.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.