2024-09-22 12:23:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා රයිෆල් බලකාය සහ ශ්‍රී ලංකා පුරෝගාමී බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් 2024 සැප්තැම්බර් මස 6 දින ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-09-21 20:59:38
31 වන “Watjaree 2024”
2024-09-21 20:56:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව, 122 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 18 දින හම්බන්තොට, අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් පවත්වනු ලබන ගෙමිදුලෙහි ඉන්ටලොක් ගල් අතුරනු ලැබීය.
2024-09-21 20:52:29
20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 12 දින ඩෝසර් වැව හන්දියේ සිට ගෝතමීගම දක්වා ඇළ සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ අරමුණින් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2024-09-21 20:50:22
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 සැප්තැම්බර් මස 18 දින පැවති උත්සවයකදී රාජකාරී භාරගනු ලැබීය.
2024-09-20 12:40:51
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 20 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 15 දින තම ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-09-20 12:35:33
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.
2024-09-20 12:30:38
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාණ යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ අධීක්ෂණය මත එම සේනාංකය වෙතින් 2024 සැප්තැම්බර් මස 18 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
2024-09-20 12:27:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනයට සමගාමීව 11 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.කේ.එච්.ආර්. නානායක්කාර ආර්ඩබ්ලිව්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 16 දින වවුනියාව, කට්කුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2024-09-20 12:24:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 14 දින කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.