Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2024 12:35:33 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ක්ෂේත්‍ර සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සැප්තැම්බර් මස 12 සහ 14 යන දිනයන්හිදි 57 පාබල සේනාංකය, 571, 573 පාබල බලසේනාවන්හි, 20 ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 සහ 3 ගැමුණු හේවා බලකායන්හි නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව එම සේනාංකය, බලසේනාවන් සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම කඳවුරු වල භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් ද පිරිනමනු ලැබූහ.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් සෑම කඳවුරකම පැළයක් රෝපණය කළ අතර භටපිරිස් සමඟ සමූහ ඡායාරූප සඳහා ද පෙනී සිටියේය. එම කඳවුරුවල සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ගේ බලප්‍රදේශයේ වගකීම් සහ වත්මන් කාර්යභාරයන් සබැඳිව සවිස්තරාත්මකව එතුමන්ව දැනුවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය. අනතුරුව, එතුමන් එම කඳවුරු තුළ වූ විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.