22nd September 2024 12:23:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා රයිෆල් බලකාය සහ ශ්‍රී ලංකා පුරෝගාමී බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් 2024 සැප්තැම්බර් මස 6 දින ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් වලට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
පේරාදෙණිය ටිකිරි ළමා නිවාස පරිශ්‍රයේ පිරිසුදුකම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා භටපිරිස් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
එම ළමා නිවාසයේ නේවාසික ළමුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පිරිසිදුකම ඉහළ නංවමින් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
ඊට අමතරව, භටපිරිස් විසින් එම ළමා නිවාසයේ නේවාසික ළමුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 36 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පිරිනමනු ලැබීය. එම ළමා නිවාසයේ හදිසි අවශ්‍යතාවයන් සපුරාලමින් ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය ආධාර කිහිපයක් ද එහිදී පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.