21st September 2024 20:50:22 Hours
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 සැප්තැම්බර් මස 18 දින පැවති උත්සවයකදී රාජකාරී භාරගනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් ප්‍රධාන දොරටුව අභියසදී විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. අනතුරුව එතුමන්, රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂණලාභීන්ගේ ස්මාරකය අභියසදී මානූෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, නව බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
පසුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව, නව බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයන් සඳහා ද පෙනී සිටියේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී “The Salute” බහුකාර්ය ශාලාවේදී භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.