2024-10-04 18:53:52
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 01 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-10-04 18:50:40
අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එල්.එච්.එම්. රාජපක්ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝම්බර් මස 02 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-10-04 18:45:08
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස්මත 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 02 දින රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-04 18:37:33
242 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය නිමිත්තෙන් 2024 ඔක්තෝබර් මස 01 දින ශ්රීවල්ලිපුරම් හි මෙසියා පෙර පාසලේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-04 18:33:48
3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිළධාරිගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් තිසවැව පිහිටි 'Waggoners' නිවාඩු නිකේතනය ප්‍රතිසංස්කරණය කරන ලද අතර, එම ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතනය නැවත විවෘත කිරීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 28 දින පවත්වන ලදී.
2024-10-03 17:23:32
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-10-03 17:20:08
12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සින්නවලයන්කඩ්ඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකර දෙනු ලැබූ නව නිවස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝම්බර් මස 02 දින නිල වශයෙන් එම ප්‍රතිලාභී පවුල වෙත පවරා දෙන ලදී.
2024-10-03 17:19:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර හිදී 2024 ඔක්තෝබර් මස 02 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-03 17:14:42
2024 ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්. ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාව එක්ව නිට්ටඹුව විහාර මහා දේවි පෙර පාසලේ ළමුන් 40 දෙනෙකු සහ සියඹලාපේ ඉසුරු ළමා නිවාසයේ ළමුන් 24 දෙනෙකු දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා අධ්‍යාපනික ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
2024-10-03 15:58:10
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 28 දින 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.