Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2024 17:19:07 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර හිදී 2024 ඔක්තෝබර් මස 02 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා මඩකලපුව රෝහලේ වෛද්‍ය කණ්ඩායම පූර්ණ සහයෝගය ලබා දුන් අතර, රුධිර පරිත්‍යාග කිරීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 120 කට අධික පිරිසක් සහභාගී වූහ.