04th October 2024 18:53:52 Hours
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 01 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
සංචාරය අතරතුර, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනී සිටි අතර, අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. සංචාරය සමාප්තියේදී සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක් වූහ.