Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2024 18:50:40 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එල්.එච්.එම්. රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝම්බර් මස 02 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

පුහුණු පාසලවෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුඳ කිරීමේන් අනතුරුව, එම පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පසුව එතුමන් රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනවලට අත්සන් තැබීය.

නව සේනාවිධායකතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ඇමතීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය.