Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2024 15:58:10 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 28 දින 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් ඒකක අණදෙන නිළධාරිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව බලකාධිපතිතුමන් ඒකක රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකර රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත සිය ගෞරව දැක්වීම සිදු කරන ලදී.

සංචාරය අතරතුර එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර එම අවස්ථාව සනිටුහන් කරමින් සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව අණදෙන නිළධාරීතුමන් ඒකකයේ රාජකාරි ස්වභාවය පිළිබඳව බලකාධිපතිතුමන් වෙත සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය. පසුව එතුමන් සියලු නිලධාරීන් ආමන්ත්‍රණය කරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ බලකාධිපතිතුමන් නිල සංචාරයේ කටයුතු අවසන් කරමින් නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී විය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.