Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2024 18:33:48 Hours

ප්‍රතිසංස්කරණය කරන ලද තිසාවැව 'Waggoners' නිවාඩු නිකේතනය නැවත විවෘත කෙරේ

3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිළධාරිගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් තිසවැව පිහිටි 'Waggoners' නිවාඩු නිකේතනය ප්‍රතිසංස්කරණය කරන ලද අතර, එම ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතනය නැවත විවෘත කිරීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 28 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී වූ අතර එතුමන් සමඟින් එම බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ සහභාගී විය.

උත්සවය අතරතුර, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අතරතුරදී දිවිපිදූ කෝප්‍රල් එම් ජි එල් දේශප්‍රිය යන කොනොනිගේ පවුලේ සාමාජිකයින් වෙත Dag Hammarskjold පදක්කම පිරිනැමිම සිදුකරන ලදී. අනතුරුව, එම සේවා වනිතා ශාඛාවේ සභාපති විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත වියලි සලාක සහ පාසල් උපකරණ ප්‍රධානය කිරීමක් ද මෙහිදි සිදු කෙරිණි.