03rd October 2024 17:14:42 Hours
2024 ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්. ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාව එක්ව නිට්ටඹුව විහාර මහා දේවි පෙර පාසලේ ළමුන් 40 දෙනෙකු සහ සියඹලාපේ ඉසුරු ළමා නිවාසයේ ළමුන් 24 දෙනෙකු දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා අධ්‍යාපනික ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
එහිදී දරුවන්ට විනෝදාස්වාදය ගෙන දෙමින් විශේෂ සංගීත වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.