2024-11-24 14:44:02
ගෝලීය සාම මෙහෙයුම් වැඩසටහනේ අනුග්‍රහය ඇතිව සිදුකරන ලද එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂකයින්ගේ පාඨමාලා අංක 3 කුකුලේගංඟ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 නොවැම්බර් මස 22 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-11-24 14:42:32
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 20 දින දිඹුලාගල, දෙවන පියවර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර නිමා කරන ලදී.
2024-11-24 14:40:26
10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් චම්පියන්පත්තුව, Senth Pills Meris පෙරපාසලේ ළමුන් සඳහා 2024 නොවැම්බර් මස 18 දින පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.
2024-11-24 14:35:40
යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී 2024 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී.
2024-11-24 09:38:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාර්ය නියුතු අධ්යක්ෂ ජනරාල් පුහුණු බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 2024 නොවැම්බර් මස 21 දින සිය පලමු නිල සංචාරය සිදු කරන ලදී.
2024-11-24 09:36:03
ධූරයෙන් නික්ම යන 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත 55 පාබල සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සයක් 2024 නොවැම්බර් මස 19 දින එම සේනාංකයේදී සංවිධානය කරන ලදී.
2024-11-24 09:33:49
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්. ජි. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. සි. බි. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුවේ කනිෂ්ඨ නායකයින් සඳහා වූ වෘත්තීය දැණුම වර්ධනය කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 08 දින සිට 19 දක්වා පවත්වන ලදී
2024-11-23 08:05:23
7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 36 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම යටතේ උත්සව මාලාවක් පවත්වන ලදී.
2024-11-23 08:02:50
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 නොවැම්බර් මස 16 දින 14, 11 (ස්වෙච්ඡා) සහ 4 බලඇණිය ගජබා රෙජිමේන්තු පරිශ්‍රයන්හි නිල සංචාරයක නිරතවිය.
2024-11-23 07:58:09
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය. එහිදී, විවිධ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරඟාවලියේදී සිය දස්කම් විදහා දක්වන ලදී.