24th November 2024 14:44:02 Hours
ගෝලීය සාම මෙහෙයුම් වැඩසටහනේ අනුග්‍රහය ඇතිව සිදුකරන ලද එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂකයින්ගේ පාඨමාලා අංක 3 කුකුලේගංඟ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 නොවැම්බර් මස 22 දින සාර්ථකව අවසන් කරන ලදී.
මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 22 ක් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 2 ක් ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරිනියන් 2 ක් ද, මොංගෝලියාවේ හමුදා නිලධාරීන් 2 ක් ද සහ ෆීජි හමුදාවේ නිලධාරිනියක් ඇතුළු විදේශීය සහ දේශීය ත්‍රිවිධ හමුදා නිලධාරීන් 29 ක් ඇතුලත් විය. පාඨමාලාවේ උදේශක මඩුල්ලට ගෝලීය සාම මෙහෙයුම් වැඩසටහනේ විෂය කරුණු විශේෂඥයින් 4 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, එම කණ්ඩායමේ නායකයා වූ එක්සත් රාජධානියේ රොජර් ඩේවිඩ් හියුස් සමඟින් ඩෙන්මාර්කයේ ජෙන්ස් වින්ටර් ඇන්ඩර්සන්, සර්බියාවේ බ්‍රැනිස්ලාව් මිලෙටික් සහ බංගලාදේශයේ ලුතිනන් කර්නල් ඒ.බී.යු තාරෙක් මොහොමඩ් රෂෙඩ් කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලකාධිපති විසින් සහභාගි වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා කාර්ය නියුතු අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී එන්ඩීසී, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී ඇතුළු ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී වූහ.