Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2024 08:02:50 Hours

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ඒකකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 නොවැම්බර් මස 16 දින 14, 11 (ස්වෙච්ඡා) සහ 4 බලඇණිය ගජබා රෙජිමේන්තු පරිශ්‍රයන්හි නිල සංචාරයක නිරතවිය.

සෑම ඒකකයකදීම සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. ඉන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන්හි කාර්යභාරයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය දැනුවත් කළහ. පසුව, සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයන්හි පැළයක් ද රෝපණය කළේය. සංචාරය අතරතුරදී, රෙජිමේන්තු අධිපතිතුමන් නායකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ රෙජිමේන්තුවේ අභිමානය යන මූලික සාරධර්ම පිළිබඳව අවධාරණය කරමින් ගජබා රෙජිමේන්තුවේ විශිෂ්ඨත්වය සඳහා වන කැපවීම පැසසුමට ලක්කළේය.

සංචාරය සමාප්තියේ රෙජිමේන්තු අධිපතිතුමන් මඩු දේවස්ථානයේ සංචාරයක ද නිරත විය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.