24th November 2024 09:36:03 Hours
ධූරයෙන් නික්ම යන 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත 55 පාබල සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සයක් 2024 නොවැම්බර් මස 19 දින එම සේනාංකයේදී සංවිධානය කරන ලදී.
හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි සේනාංකාධිපතිතුමන් සේනාංකයේ සියලු නිලයන් ආමත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක් විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.