24th November 2024 09:38:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාර්ය නියුතු අධ්යක්ෂ ජනරාල් පුහුණු බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 2024 නොවැම්බර් මස 21 දින සිය පලමු නිල සංචාරය සිදු කරන ලදී.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සපැමිණි කාර්ය නියුතු අධ්‍යක්‍ෂ ජනරල් පුහුණු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ව එම පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන්ගේ පලමු නිල සංචාරය සනිටුහන් කරමින් එම පුහුණු ආයතනයේ පැළයක් ද රෝපණය කිරීම සිදු කෙරෙණි.
ඉන් අනතුරුව, කාර්ය නියුතු අධ්යක්ෂ ජනරාල් පුහුණු විසින් ගෝලීය සාම මෙහෙයුම් වැඩසටහනේ අනුග්‍රහය ඇතිව දැනට ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂකයින්ගේ පාඨමාලා අංක 3 හි විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. පසුව අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ජි.එච් අමිත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස තත්ත්වය පිළිබඳව එතුමන් දැනුවත් කරන ලද අතර, කාර්ය නියුතු අධ්යක්ෂ ජනරාල් පුහුණු විසින් පසුව එම අභ්‍යාසයන් නිරීක්ෂණය කරන ලදී.
අනතුරුව, පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් එස්.එස්.ඒ. විජේරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් සිදුකරනු ලැබූ පුහුණු ආයතනය පිළිබඳ හඳුන්වාදීමේ ඉදිරිපත් කිරීමකට එතුමන් සහභාගී විය. ඉදිරිපත් කිරීමෙන් අතරතුර දී ප්‍රධාන උපදේශකතුමන් ආයතනයේ පුහුණු පහසුකම්වල ප්‍රමිතීන් ඉහළ නැංවීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ