24th November 2024 14:35:40 Hours
යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී 2024 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී.
එතුමන් පැමිණි පසු එම පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, පුහුණු ආයතනයේ හි ප්‍රධාන උපදේශක විසින් ආයතනයේ යටිතල පහසුකම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධ්‍යක්‍ෂතුමන් විසින් ආයතන පරිශ්‍රයේ දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.