2024-11-26 19:38:29
52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 2024 නොවැම්බර් මස 21 දින නෙල්ලිඅඩි, මධ්‍ය මහා විද්‍යාලයේ පැවති සරඹ තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 09 දෙනෙකු සහභාගී වූහ.
2024-11-26 19:36:33
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින අයියකච්චි මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-11-26 17:29:31
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් හා ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්.එම්. සුබසිංහ ආර්එස්පී ගේ අනුග්‍රාහකත්වය මත ආරම්භ කරනු ලැබූ ‘මූලික දමිළ භාෂා පාඨමාලා අංකය - II’ හි සමාප්ති උත්සවය 2024 නොවැම්බර් මස 23 දින වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-11-26 17:26:44
143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත 2024 නොවැම්බර් මස 24 දින කල්පිටිය, ඉලන්තඩිය මුහුදුබඩ ප්‍රදේශයේදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-11-25 23:06:54
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 23 දින 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරය නිරත විය.
2024-11-25 22:58:46
55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, 2024 නොවැම්බර් මස 23 දින 552 පාබල බලසේනාවේ, 22 බලඅණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.
2024-11-25 22:53:27
ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා පැවති වර්ණ ප්රදානය කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 21 දින එම පාසල් ශ්‍රවණාගාරයේ පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
2024-11-25 22:47:59
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සූරියවැව, අගුණකොළවැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින පවත්වන ලදී.
2024-11-24 14:50:22
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර 12 වන සංවත්සරය 2024 නොවැම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් සමරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-11-24 14:47:22
55 පාබල සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් බී.ජි.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2024 නොවැම්බර් මස 22 දින කිලිනොච්චියේ පිහිටි සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. අනතුරුව මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් පිළිගැනීමෙන් පසුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූළ කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.