24th November 2024 14:47:22 Hours
55 පාබල සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් බී.ජි.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2024 නොවැම්බර් මස 22 දින කිලිනොච්චියේ පිහිටි සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. අනතුරුව මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් පිළිගැනීමෙන් පසුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූළ කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.
සර්ව ආගමික වතාවත්වලට සහභාගි වූ සේනාංකාධිපතිතුමන් රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව එතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කර සියලු නිලයන් ආමන්ත්‍රණය කළේය. අනතුරුව සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.
මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.