Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2024 23:06:54 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 නොවැම්බර් මස 23 දින 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරය නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්ව එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් සහ සියලු නිලයන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකකයේ භටපිරිස් අමතමින්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්ගේ වැදගත්කම සහ ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය පිළිබඳවත්, භටපිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ එය හමුදා සහ සිවිල් ජීවිතයට ඇති කරන බලපෑම පිළිබඳවත් අවධාරනය කළේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.