25th November 2024 22:58:46 Hours
55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, 2024 නොවැම්බර් මස 23 දින 552 පාබල බලසේනාවේ, 22 බලඅණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුයේ ගෞරවාචාරයන් පිරිනමන ලද අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
නිල සංචාරයන් අතරතුර, එතුමන් වෙත එම කඳවුරයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම බලප්‍රදේශයන්හි මෙහෙයුම් කටයුතු, කාර්යය භාර්යය සහ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී. මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.