Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 17:29:31 Hours

මූලික දමිළ භාෂා පාඨමාලාව (2024/II) සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්.එම්. සුබසිංහ ආර්එස්පී ගේ අනුග්‍රාහකත්වය මත ආරම්භ කරනු ලැබූ ‘මූලික දමිළ භාෂා පාඨමාලා අංකය - II’ හි සමාප්ති උත්සවය 2024 නොවැම්බර් මස 23 දින වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.එම්.වී. කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන මාසයක කාලසීමාවක් පුරාවට පැවැත්විණි.

මෙම සමාප්ති උත්සවයේදී, පාඨමාලාව සඳහා සහභාගී වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලු ඒකකයන්හි සේවයේ නියුතු සාමාජිකයන් සිය භාෂාමය හැකියාවන් එළිදැක්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 39 දෙනෙක් සහ සෙබළියන් දෙදෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වී ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් පාඨමාලාව හැදෑරූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යාව ලෙස 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ කේ.ජී.එන්.එස්. දිල්රංගි සම්මාන දිනාගත්තාය.