Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 19:36:33 Hours

1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 22 දින අයියකච්චි මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයන්, සිසු සිසුවියන් සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ.