2025-03-30 12:37:53
231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හේමාස් (පුද්ගලික) සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව දිඹුලාගල, දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 28 දින මහවැලි ප්‍රතිභා ශාලාවේදී පවත්න ලදී.
2025-03-30 08:41:51
ගැමුණු හේවා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී 2025 මාර්තු මස 29 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ජ්‍යෙෂ්ඨ නිලධාරි 59 වන වියේ පසුවිය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ කීර්තිමත් සේවා කාලය තුළ රාජකාරීන් සඳහා දැක්වූ නොසැලෙන කැපවීම යුද්ධ හමුදාවේ සහ මව්බිමේ සංවර්ධනයට බෙහෙවින් දායක විය.
2025-03-28 11:54:24
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය, ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ උපදෙස් මත බෝයගනේ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 22 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2025-03-26 20:12:13
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 79’ හි සමාප්ති උත්සවය 2025 මාර්තු මස 25 දින පැවැත්විණි.
2025-03-26 20:11:41
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ, අම්බලන්ගොඩ මාදම්ප River and Rivers Edge හෝටල් පරිශ්‍රයේදී ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2025 මාර්තු මස 24 දින සිට 26 දක්වා සාර්ථකව පවත්වන ලදී.
2025-03-26 20:11:10
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගොල්ෆ් ක්ලබ් හි දී 2025 මාර්තු මස 25 දින ඉෆ්තාර් උත්සවය පවත්වන ලදී.
2025-03-26 20:10:57
ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවති උසස් කාර්මික ඩිප්ලෝමා පාඨමාලා අංක - 03 හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 25 දින එම පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. K-Tec ආයතනය වෙතින් පවත්වනු ලැබූ මාස හයක පාඨමාලාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ තාක්ෂණික කළමනාකරණ කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්විණි.
2025-03-26 10:07:59
8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 23 දින එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් කුඩාහල්මිල්ලෑව, පූනෑව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් එම නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.
2025-03-25 09:11:08
විශේෂ බලකා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP ndu psc 2025 මාර්තු මස 21 දින නාඋල, රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2025-03-24 09:22:22
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරක් මත, පේදුරුතුඩුව පොලිසිය සමඟ එක්ව...