26th March 2025 20:12:13 Hours
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 79’ හි සමාප්ති උත්සවය 2025 මාර්තු මස 25 දින පැවැත්විණි.
මෙම පාඨමාලාව සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයන් 167 දෙනෙකු සහභාගි වූහ. සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අම්පාර, සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් පී.අයි පුංචිහේවා විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය පවත්වන ලදී.
එහිදී, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.පී.එල් බුද්ධික විසින් සම්මාන දිනාගන්නා ලදී.