30th March 2025 08:41:51 Hours
ගැමුණු හේවා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී 2025 මාර්තු මස 29 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ජ්‍යෙෂ්ඨ නිලධාරි 59 වන වියේ පසුවිය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ කීර්තිමත් සේවා කාලය තුළ රාජකාරීන් සඳහා දැක්වූ නොසැලෙන කැපවීම යුද්ධ හමුදාවේ සහ මව්බිමේ සංවර්ධනයට බෙහෙවින් දායක විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා 2025 මාර්තු මස 30 දින ප.ව. 0200 සිට ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ තැන්පත් කරන ලදී. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව 2025 මාර්තු මස 31 දින ප.ව. 4:30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.